May 11, 2024

යතුරු පැදිකරුවන් ප්‍රවේශමෙන් - දැඩි පොලිස් මෙහෙයුමක්

ඊයේ (01) දිනයේ සිට ශ්‍රී ලංකා පොලීසිය මඟින් යතුරු පැදි අනතුරු අවම කර ගැනීම සඳහා යතුරු පැදි පරීක්ෂා කරන විශේෂ මෙහෙයුම දිවයින පුරා ආරම්භ කර තිබේ.

ඒ අනුව ගෙවී ගිය පැය 24ක කාලය තුළ පමණක් විවිධ වැරදි සඳහා යතුරු පැදිකරුවන් 4500කට අධික පිරිසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති යතුරු පැදිකරුවන් අතර බීමත්ව රිය ධාවනය, ආරක්ෂක හිස් වැසුම් නොමැතිව ගමන් කිරීම, මාර්ග නීති උල්ලංඝනය කිරීම් වැනි වැරදි සම්බන්ධයෙන් මෙම පිරිස හට නීතිය ක්‍රියාත්මක කර ඇති බවද ඒ් මහතා සඳහන් කළේය.

ඊයේ (01) ආරම්භ කළ මෙම දීප ව්‍යාප්ත මෙහෙයුම හෙට (03) දිනය දක්වා ක්‍රියාත්මක වෙයි.

Rate this item
(0 votes)