May 17, 2024

රනිල් විශේෂ ප්‍රකාශයකට සූදානම් - විශේෂ වැඩසටහනකුත් දියත් කෙරේ

හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා (04) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය ඇතුළු වැසි වනාන්තර සහ රැම්සාර් තෙත් භූමි ඇතුළත් වනාන්තර සහ පරිසරය ආරක්ෂා කර ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් පිළිබඳවය.

සිංහරාජය රකින හරිත වසරක් යන ප්‍රකාශය ද මෙහිදී ඉදිරිපත් කිරීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේද වර්ණය වන කොළ පැහැය යොදා ගනිමින් ඉදිරියේදී රට පුරා වනාන්තර ඇතුළු පරිසර ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත.

අනාගත එජාප රජයක් යටතේ කිසිවකුටත් බලපෑම් කළ නොහැකි පරිසර ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම පිළිබදවත් රනිල් වික්‍රමසිංහ මහතා සිය විශේෂ ප්‍රකාශයේදී සඳහන් කරනු ඇතැයි අපේක්ෂිතය.

 

Rate this item
(1 Vote)