May 11, 2024

විදෙස් සබඳතා ගැන ජනපති ඉගෙන ගත යුත්තේ ශ්‍රීලනිපයෙන්

ජනපතිවරයා ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව උපදෙස් ගත යුතුව තිබුණේ ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා පිරිසකගෙන් නොව ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ඉතිහාසයක් තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බව හිටපු තානාපතිවරයෙකු මෙන්ම විදේශ සබඳතා පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාවේ මිත්‍රයෙකු ලෙස පෙනී සිටි යුක්රේනියානු ඡන්දය දීම ගැන අදහස් දක්වමින් ආචාර්ය ජයතිලක මේ බව පෙන්වා දෙයි.

රටක් ගැන තක්සේරු කරන්නේ ඒ රට තමන්ගේ මිත්‍රයෙකු යන පදනමකින් නොවන බව සඳහන් කරන ආචාර්ය ජයතිලක මානව හිමිකම් කවුන්සිල ඡන්දයේ දී යුක්රේනියාවේ හැසිරීම ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර සබඳතා පිළිබඳව තිබෙන අවබෝධය හොදාකාරව පෙන්නුම් කළ අවස්ථාවක් බවද පෙන්වා දේ.

විදේශ ප්‍රතිපත්තිය හදන්නේ ඒ ගැන කිසිදු නොදත් පිරිසක් වීම මෙම ප්‍රශ්නවලට හේතුව බවද ආචාර්ය ජයතිලක ප්‍රකාශ කරන්නේ ඉකුත් ඉරුදින සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 30 March 2021 18:10