May 17, 2024

රනිල්ගෙන් එජාප සංවිධායකවරුන්ට ලක්ෂ 2 1/2 ලක්ෂ 70 කරන මාර ටාගට් එකක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ 72 වැනි උපන් දිනය ඉකුත් 24 දාට යෙදී තිබුණි.

උපන්දිනයට සමගාමීව එජාප නායකයා මීළඟ මැතිවරණවලදී පක්ෂ ළඟාවිය යුතු ඉලක්කයක්ද පක්ෂයේ දිස්ත්‍රික් කළමනාකරුවන්ට හා සංවිධායකවරුන්ට ලබාදී ඇති බව සිරිකොත ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එජාප නායකයා සිය උපන් දිනයට සමගාමීව එජාපයේ දිස්ත්‍රික් කළමනාකරුවන් හා සංවිධායකවරුන්ගේ රැස්වීමක් සිය මූලිකත්වයෙන් පවත්වා ඇති අතර එහිදී ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ලක්ෂ 70ක ඡන්ද පදනමක් අවශ්‍ය බවත් ඒ සඳහා ගම්වලට ගොස් කැපවීමෙන් වැඩ කරන ලෙස උපදෙස් දී තිබේ.

පසුගිය මහ මැතිවරණයේදී දෙලක්ෂ හතළිස් නව දහසක ඡන්ද පදනමකට උරුමකම් එනම් 3% කටත් වඩා අඩු ඡන්ද ප්‍රතිශතයකට උරුමකම් කියා එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට පමණක් සීමා වූ එජාපයට පක්ෂ නායක වික්‍රමසිංහ මහතා විසින් ලබා දී ඇති මෙම ඉලක්කය මහා මැතිවරණයේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාව මෙන් තිස් ගුණයක ඉලක්කයක් වීමද විශේෂත්වයකි.

වික්‍රමසිංහ මහතා පක්ෂයේ දිස්ත්‍රික් කළමනාකරුවන්ට හා සංවිධායකවරුන්ට ඉලක්කය ලබා ලබාදුන්නේ පක්ෂ සභාපති වජිර අබේවර්ධන හා මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන පක්ෂයේ ප්‍රධාන නිලතල දරන්නන් ඉදිරියේදීය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 28 March 2021 12:17