May 13, 2024

දිනේෂ් ගුණවර්ධන ගණිත ක්‍රමයට අනුව ජනපති ගෝඨාභය නෙමෙයි මමයි - සජිත් ප්‍රේමදාස (VIDEO)

ජිනීවා මානව හිම්කම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඡන්දය දුන් ආකාරයට ගැන දිනේෂ් ගුණවර්ධන විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ ගණිත ක්‍රමයට අනුව පැවැත්වූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයත් හදන ලෙස තමා යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට පක්ෂ ඡන්ද 22ක්, විරුද්ධව ඡන්ද 11 කුත් ලැබුණු අතර රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටින ලදී.

මෙම ඡන්ද ප්‍රතිඵලය ගැන විග්‍රහයක් කරමින් දිනේෂ් ගුණවර්ධන විදේශ කටයුතු අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කළේ යෝජනාවට පක්ෂව දී ඇත්තේ රටවල් 22 ක් බවත් රටවල් 25 ක ඊට අනුමැතිය නොදුන් බැවින් එය සම්මත වුවා යැයි සැලකිය නොහැකියි බවය.

11 ට වඩා 22 ලොකු බවට දිනේෂ් ගුණවර්ධන විදේශ කටයුතු අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කළ ගණිත න්‍යාය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පක්ෂ නායකවරයා මේ යෝජනාව කළේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සිනා හඬ හඬ මැද්දේ ය.

දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ ගණන් ක්‍රමයට අනුව බලද්දි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට 69 ලක්ෂයක් ඡන්දය දුන් බවත් තමන්ට 55 ලක්ෂයක් ඡන්දය දුන් බවත් ඡන්දය නොදුන් විසිහත් ලක්ෂයක් සිටින බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා ඒ අනුව බලද්දී ජනපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා නොව තමන් විය යුතු බව සදහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 March 2021 14:22