May 17, 2024

"මෙච්චර කල් යොවුන් පෙරමුණේ හිටියේ නාකි තරුණයෝ" - රනිල් අකිලව ළඟ තියාගෙනම කියයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමා වඩාත් ප්‍රිය කරන පක්ෂයට අනුබද්ධිත යොවුන් පෙරමුණේ තරුණ තරුණියන් අමතා අපූරු කතාවක් කියා තිබේ.

මීට දින කිහිපයකට පෙර සිරිකොතේ පැවැති ජාතික යොවුන් පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමේ අවස්ථාවට එක් වෙමින්  වික්‍රමසිංහ මහතා පසුගිය කාලයේ යොවුන් පෙරමුණේ සාමාජිකත්වය දැරූ සාමාජිකයින් ගැන හැඳින්වීමක් කොට තිබේ.

යොවුන් පෙරමුණේ සිටිය යුත්තේ තරුණයින් නමුත් පසුගිය කාලයේ සිටියේ නාකි තරුණයෝ බවත් ඒ අය ඉවත් වී ඒ අවස්ථාව සැබෑ තරුණයින්ට ලැබී ඇති බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට තිබෙන්නේ සහභාගි මූ තරුණ තරුණියන්ගේ  සිනා හඬ මැද්දේය.

මෙම අවස්ථාවට ඉතා දිගු කලක් ජාතික යොවුන් පෙරමුණේ සභාපතිත්වය දැරූ අකිල විරාජ් කාරියවසම් මහතාද සහභාගි වී ඇති අතර වික්‍රමසිංහ මහතා නාකි තරුණයෝ යැයි හැඳින්වූයේ අකිල විරාජ් කාරියවසම් මහතාට ද යන්න සහභාගි වූ පිරිස අතර කසුකුසුවක් ඇතිව තිබේ.

අකිල විරාජ් කාරියවසම් මහතාට වයස අවුරුදු 42 පනින තුරුත් ජාතික යොවුන් පෙරමුණේ සභාපති ධූරයේ තැබීමට වික්‍රමසිංහ මහතා කටයුතු කළ බවට කතා බහක්ද සිරිකොත පැත්තෙන් අසන්නට ලැබේ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 21 March 2021 00:50