May 17, 2024

බැඳුම්කර මහ මොළකරු හිරේ තපින ගෝලයාගේ බිරිඳට කතා කරයි

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරියකු ලෙස කටයුතු නොකළත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින රවී කරුණානායක මහතා වෙනුවෙන් ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දීමට සූදානමින් සිටින බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

එහි එක් පියවරක් ලෙස එජාප නායකයා රවී කරුණානායක මහතාගේ බිරිඳ වන මෙලා කරුණානායක මහත්මියට කතා කොට පක්ෂයේ නීතිඥ වරුන්ගේ සහය අවශ්‍ය ඕනෑම වෙලාවක ලබාදීමට හැකි බවත් ඕනෑම ගැටලුවක් වෙනුවෙන් තමාට කතා කරන ලෙස දන්වා තිබේ.

රවී කරුණානායක මහතා බන්ධනාගාරගත කරනු ලැබූයේ යහපාලන ආණ්ඩු සමයේ මහ බැංකු බැඳුම්කර සිද්ධිය මුල් කොට ගෙන වන අතර එහි මහමොලකරු ලෙස හැඳින්වෙන්නේ එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතාය.

සාමාන්‍යයෙන් මහ බැංකුව මුදල් අමාත්‍යංශය යටතේ තිබීම සම්ප්‍රදායක් වුවද යහපාලන ආණ්ඩු සමයේ මහ බැංකුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන් යටතේ තිබූ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතට පවරා ගෙන තිබුණි.

මේ නිසා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ වගකීමක් නොමැති බව එවකට මුදල් අමාත්‍යවරයාව සිටි රවි කරුණානායක මහතා කිහිප වතාවක්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබේ.

රවි කරුණානායක මහතා පක්ෂයේ තනතුරු ප්‍රශ්නයක්  මුල්කොටගෙන එජාපයේ කටයුතු වලට ක්‍රියාකාරීව සම්බන්ධ වන අතර බොහෝ කලකට පසු ඔහු රිමාන්ඩ් භාරයට පත් වීමට දින කිහිපයකට පෙර පැවති පක්ෂ කෘත්‍යාධිකාරී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී විය.

රවී කරුණානායක මහතා සමග නවීන් දිසානායක සහ අර්ජුන රණතුංග යන මහත්වරුන්ද එක් කණ්ඩායමක් ලෙස සිටිමින් පක්ෂයේ කටයුතු මග හරිමින් සිටී.

Rate this item
(4 votes)
Last modified on Saturday, 20 March 2021 14:59