අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අසාද් සාලි මහතාගේ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ඊට භාවිත කරන උණ්ඩ සොයාගත් බව පොලීසිය පවසයි.
ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ගමන් කරමින් සිටි මෝටර් රථයේ තිබී ගිනි අවිය සහ උණ්ඩ සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ඒවා සොයාගත් බවයි.
ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භකර ඇති බව ද අජිත් රෝහණ මහතා පැවසීය.
අසාද් සාලි මහතාව ඊයේ (16) අත්අඩංගුවටගෙන තිබුණේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී ය.