May 02, 2024

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් යන්න සූදානම්! ගමේ තීන්දුවට හිස නමයි

ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගමේ ශ්‍රීලනිප සාමාජිකයන් දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

තනතුරු අතහැර ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි පක්ෂයේ සාමාජිකයන් ඉල්ලා සිටින්නේ නම් එම අදහසට හිස නමා ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ශ්‍රීලනිපය මින් ඉදිරියට කටයුතු කරන්නේ ගම් මට්ටමේ පක්ෂ සාමාජිකයන්ගේ අදහස්වලට අනුව බවත්, ඔවුන් ඉදිරිපත් කරන ඕනෑම මතයක් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බවත් ඇමතිවරයා සඳහන් කළේය.

පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂකයන් පැරදවීමට පොදුජන පෙරමුණේ සමස්ත යාන්ත්‍රණයම යෙදවූ බවත් එවැනි කුමන්ත්‍රණ මැද මෙතරම් ජයග්‍රහණයක් ශ්‍රීලනිපයට ලබා ගැනීමට හැකිවූයේ ගමේ ශ්‍රීලනිප සාමාජිකයාගේ අසීමිත කැප කිරීම් නිසා බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)