May 13, 2024

සජිත්ගේ මනාපය කාන්තාවන්ට: 25%ක්ම දෙන්නන්ලු

ඉදිරි මැතිවරණවලදී කාන්තා නියෝජනය ඉහළ දැමීම සඳහා සමගි ජන බලවේග අපේක්ෂකත්වයන්ගෙන් 25% ක් එනම් 1/4 කාන්තාවන්ට ලබා දෙන බවට ප්‍රතිඥාවක් එහි නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කාන්තා දිනයේදී ලබා දී තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා මෙම ප්‍රතිඥාව ලබාදී තිබෙන්නේ කාන්තා දිනයට සමගාමීව තලවතුගොඩ හෝටලයක දී පැවැත්වූ සමගි ජන බලවේගයේ කාන්තා පෙරමුණ වන සමගි කාන්තා බලවේගයෙ කාන්තා දින උත්සවය අමතමිනි.

සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම ප්‍රතිඥාවට උත්සවයට සහභාගී වූ කාන්තා පාර්ශවයන්ගෙන් ලැබී ඇත්තේ උණුසුම් ප්‍රතිචාරයකි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදීද මෙරට මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේක්ෂකත්වයන්ගෙන් මෙන්ම පළාත් පාලන ආයතන නියෝජනයන් ගෙන් 25% ක් කාන්තාවන්ට නිල වශයෙන් ලබාදී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 14 March 2021 18:01