May 17, 2024

රනිල් එපා කියූ තුන් කට්ටුව යළි සිරිකොතට රිංගයි: අයෙක් රනිල් සමග සාකච්ඡාවකුත් තියලා

ඉකුත් අඟහරුවාදා පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ සුවිශේෂිත්වයක් දකින්නට ලැබුණි.

ඒ පක්ෂය සමග ගැටුම් ඇති කරගෙන සිටි තුන් කට්ටුව යළිත් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගි වීමය.

හිටපු උප නායක රවී කරුණානායක, ජාතික සංවිධායක ධූරය බාර නොගත් නවීන් දිසානායක, උප සභාපති ධුරය භාර නොගත් අර්ජුන රණතුංග යළිත් මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගී වී සිටි ඔවුන්ව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සුහදව පිළිගත් බවද වාර්තා වේ.

කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අවසානයේ සිය නිල කාමරයට යද්දි රවි කරුණානායක මහතා දුටු පක්ෂ නායකයා ඔහුව සිය නිල කාමරේට කැඳවාගෙන ගොස් දෙදෙනා බොහෝ වේලාවක් සාකච්ඡාවක නිරත වූ බවද සිරිකොත අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එහෙත් සෙස්සන් මේ තිදෙනාට සතුටුදායක ප්‍රතිචාර දක්වා නොමැති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

රවී කරුණානායක මහතා තමන් දැරූ උප නායක ධූරය ප්‍රතික්ෂේප කිරීම මත පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම තනතුරට අකිල විරාජ් කාරියවසම් මහතාව මේ වන විට පත්කොට තිබේ.

Rate this item
(4 votes)