May 17, 2024

එජාප පළමු ප්‍රතිසංවිධාන ක්‍රියාන්විතය සාර්ථකයි: දෙවැනි ක්‍රියාන්විතය මේ මස අග අරඹන්න - රනිල්ගෙන් උපදෙස්

පසුගිය මහ මැතිවරණයේදී අන්ත පරාජයට පත් එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීමේ පළමු ක්‍රියාන්විතය සාර්ථක වූ බවත් ඒ ජවයෙන්ම ඉදිරියට යා යුතු බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික දිනකට පෙර පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතා ප්‍රකාශ කොට තිබෙන බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී පක්ෂ ප්‍රති සංවිධානයේ දෙවැනි ක්‍රියාන්විතය සම්බන්ධයෙන් සැලැස්මක් හදා තිබෙන බවත් එය ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස නව මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා දැනුම් දී තිබේ.

ඒ අවස්ථාවේ එම සැලසුමට සියල්ලන්ගේම අනුමැතිය හිමිව තිබෙන අතර මේ මස අග සතියේදි දෙවැනි ප්‍රතිසංවිධාන ක්‍රියාන්විතය ආරම්භ කිරීමට තමන් සූදානම් බව පක්ෂ මහලේකම්වරයා ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කොට තිබේ.

ප්‍රාදේශීය සභා නියෝජිතයින්ද පත්කර තිබෙන නිසා ඔවුන්ද එක් කරගෙන කණ්ඩායම් කිහිපයකට බෙදී දෙවැනි ප්‍රතිසංවිධාන ක්‍රියාන්විතය ආරම්භ කරන ලෙසට එහිදී පක්ෂ නායකයාගෙන් උපදෙස් ලැබී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(1 Vote)