May 02, 2024

බැදුම්කර වංචාව, සීනි බදු වංචාවට කිසිසේත්ම සමාන නැහැ

සීනි බදු අඩු කලේ යහපත් චේතනාවෙන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

කෑගල්ලේදී මාධ්‍ය වෙත ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

නමුත් එයින් බලාපොරොත්තු වූ පරිදි මහජනතාවට සහනයක් ලැබී ඇති බවක් පෙනෙන්නට නැතැයි ද ඒ මහතා පැවැසීය.

බදු අඩු කිරීමේදී යම් අඩුපාඩුවක් වී ඇතැයි පැවසූ ඇමති අමරවීර ඉන් ජාවාරම්කරුවන් අනියම් වාසි අත්පත් කරගෙන ඇති බවක් පෙනෙන බවද කියා සිටියේය.

බැදුම්කර වංචාව හා සීනි බදු වංචාව කිසිසේත්ම සමාන නැතැයිද ඒ මහතා තව දුරටත් එහිදී කියා සිටියේය.

Rate this item
(0 votes)

Related items