හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
සාකච්ඡාව පැය දෙකකට අධික කාලයක් පවත්වා ඇති අතර එම හමුව සිදුව ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිල නිවසේදීය.
ඥාණසාර හිමියන් හිටපු ජනාධිපතිවරයා හමුවීමට ගොස් ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයකට මුල්ගල් තැබීමේ උත්සවයකට ආරාධනා කිරීමට බව වාර්තා වේ.
එහිදී වත්මන් දේශපාලන තත්වය සහ 2024දී දේශපාලන තත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන්න සාකච්ඡා කර තිබේ.
මේ අතර හිටපු ජනාධිපතිවරයා හිටපු අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග සහ රාජිත සේනාරත්න සමගත් ඉදිරියේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
එහි අරමුණ වී ඇත්තේ පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ චෝදනා වලට මුහුණ දීමට ශක්තිමත් පවුරක් නිර්මාණය කිරීමයි.