May 01, 2024

විවාදයට විරෝධය - සිවාජිලිංගම් කළු පටි බඳී

September 25, 2014

දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා අද (25) උතුරු පළාත් සභා මාසික සභා වාරය වෙනුවෙන් කළු පටි පැළදගෙන පැමිණියහ.

පළාත් සභා 16වැනි සභා වාරය පැවැත්වෙන අවස්ථාවට හෙතෙම එලෙස කළු පටි පැළදෙන පැමිණියේ අවසන් යුධ සමයේ උතුරු පළාත තුළ ජන සංහාරයක් සිදු වි ඇති බවට පළාත් සභාව යෝජනාවක් සම්මත කරගනිමින් ලෝකයට ප්‍රකාශ කළ යුතු බවට ඔහු පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කළ නමුත් පළාත් සභාව අදාළ යෝජනාව සම්බන්ධයෙන් විවාදයක් නොපැවැත්වීමට තීරණය කිරීමට විරෝධය දැක්වීමක් ලෙසටය.

දෙමළ ජාතික සන්ධානයේ නායකයින් සමගද සාකච්ඡා කොට,අදාළ යෝජනාව සම්බන්ධයෙන් පළාත් සභාව තුළ එළැඹෙන ඔක්තෝම්බර් 09වැනිදා තමන් කථා කිරීමට නියමිත බැව්ද හෙතෙම පවසයි.

උතුරු පළාත් සභා 16වන සභා වාරය පළාත් සභා සභාපති සි.වි.කේ.ශිවඥානම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

දිනසේන රතුගමගේ-  වවුනියාව

 

Rate this item
(0 votes)