May 01, 2024

ගෝල්ඩන් කී ගැටුම් එපා

September 25, 2014

ගෝල්ඩන් කී ක්‍රෙඩ්ටි කාඩ් නඩුවේ තැන්පත්කරුවන්ට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අවවාද කර ඇත. ඒ ගැටුම්වලින් වැළැකී සිටින බවට දන්වමිනි.මෙම නඩුවේ සාක්කිකරුවන්ගේ ගණන 778 දෙනකි.

නීතීවේදී සුමුදු හේවගේ මහතා කියා සිටියේ සමාගමේ අධිපති ලලිත් කොතලාවල මහතාගේ සමීප නෑයකු බව කියමින් ව්‍යාජ තොරතුරු මගින් තැන්පත්කරුවන් අතර ආරවුල් ඇති කරන බවයි.

මේ නඩුවේ සැකකරියක වන සිසිලියා කොතලාවල අධිකරණය මග හැර සිටින අතර ඇය අත්අඩංගුවට ගැනීමට ඉන්ටපොල් වරෙන්තුවක් ද නිකුත් කර ඇත.

2001 දී රුපියල්  දහනව කෝටියකට වැඩි මුදලක් ද 2003 දී රුපියල් දාහත් කෝටියකට වැඩි මුදලක් ද  2004 දී රුපියල් විසි දෙකෝටියකට වැඩි මුදලක් ද 2005 දි රුපියල් අනුපන් කෝටියකට වැඩි මුදලක් ද 2006 දී  රුපියල් කෝටි එකසිය දහසයකට වැඩි මුදලක් ද  2007 දී අනුඑක් කෝටියකට වැඩි මුදලක් ද 2008 පනස්නව කෝටියකට වැඩි මුදලක් ද වංචා කළැයි පැමිණිල්ලේ සඳහන් වේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 September 2014 17:38