May 01, 2024

සිසුවියගේ යකඩ කූර සිසුවාට 'මාරකයක්' වෙයි

September 25, 2014

නිට්ටඹුව, රන්පොකුණුගම මහා විද්‍යාලයේදී සිසුවෙකුගේ කලව ප්‍රදේශයට යකඩ කූරක් ඇනීමෙන් එම සිසුවා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ. 

එම සිසුවාගේ කලව ප‍්‍රදේශයේ ඇනී තිබූ යකඩ කූර වතුපිටිවල රෝහලේදී සිදුකළ සුළු සැත්කමකින් පසු ඉවත් කර ඇති බව වාර්තා වෙයි. 

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ රන්පොකුණුගම මහා විද්‍යාලයේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.

මේ වනවිට රෝහලේ 7 වන වාට්ටුවේ ප‍්‍රතිකාර ලබන එම සිසුවාගේ තත්ත්වය බරපතල නොවන බවත් එම පාසලේ ශිෂ්‍යාවක් විසින් මෙම සිසුවා අසුන් ගැනීමට සූදානම් වන අවස්ථාවේ පුටුව මත යකඩ කූරක් තැබීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා වේ.

Rate this item
(1 Vote)