May 01, 2024

පාසල් සිසුන්ට බියර් පෙවූ 'බාර් එකට සීල්'

September 25, 2014

මීගමුව -තලාහේන ප්‍රදේශයේ පවත්වා ගෙන යන බියර් අලවිසැලක් 25 වැනිදා මුද්‍රා තබා අලෙවි කටයුතු තහනම් කළ බව ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස්වරයා ආර්.එම්.රත්නායක මහතා පවසයි.

මීගමුව -තලාහේන පිහිටි බියර් අලෙවි සැලෙන් පාසල් සිසුන්ට බියර් අලෙවි කරන බවත් බාල වයස්කාර පාසල් සිසුන් සදහා බියර් අලෙවි කරණුයේ වැඩි මිළට බවත් ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස්වරයා වෙත පැමිණිළි ලැබී තිබී ඇත.

මේ සම්බන්ධයෙන් පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස්වරයා විසින් මීගමුව සුරාබදු ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙත දැණුම් දී ඇත. නමුත් අදාල වැටලීම් සිදු කර නොමැති බව වාර්තා වෙයි.

25 වැනිදා දහවල් වයස අවුරුදු 17 ක පාසල් සිසුවෙකු ව්‍යාජ ගැණුම්කරුවෙකු ලෙස යොදවා අදාල වැටලීම සිදු කිරීමට ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස්වරයාවරයා කටයුතු කර ඇත. ව්‍යාජ ගැණුම්කරුවා විසින් මිළදී ගත් බියර් බෝතල් 03 ක් මුද්‍රා තබා ඇත.

තමන් විසින් වැටලීම සිදු කළ බියර් අලවි සැල මුද්‍රා තබා අලෙවි කටයුතු තහනම් කළ බවත් මෙම බියර් අලෙවිසැලට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා බවත් ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් ආර්.එම්.රත්නායක මහතා පැවසී ය.

 

ජුඩ් සමන්ත

 

Rate this item
(1 Vote)