May 01, 2024

තායි ගණිකාවක් රටින් පිටුවහල්

September 25, 2014

කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයකදී පසුගිය 18 වැනිදා අත්අඩංගුවට ගත් තායි කතුන් හය දෙනාගෙන් වීසා නොමැති එක් කාන්තාවක් රටින් පිටුවහල් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය. 

අත්අඩංගුවට ගත් තායි කතුන්  හය දෙනකුට, ශ්‍රී ලාංකිකයකුට හා කාන්තාවකට රුපියල් 10,000 බැගින් වු මුදල් ඇප ද ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් බැගින් ලබා ගෙන මුදා හරින්නැයි නියෝග කළ මහේස්ත්‍රාත්වරයා වීසා නොමැති තායි කතක  පිටුවහල් කරන්නැයි ද නියෝග කර තිබේ.

එම හෝටලය පවත්වාගෙන ගිය පී.රුහුණගේ අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදු කරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කර තිබේ.

ඔහුට ඔක්තෝබර් 09 වැනිදා අධිකරණයේ පෙනී සිටිය ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කර ඇත.

Rate this item
(0 votes)