May 19, 2024

මෛත්‍රි යළි ජනපති සටනට - නව සන්ධානයක් ගැන පක්ෂ කිහිපයක් එක්ක සාකච්ඡා අරඹලා

February 22, 2021

2024 වසරේදී පැවැත්වීමට නියමිත මීලඟ ජනාධිපතිවරණයට දේශපාලන බල පෙරළි, දේශපාලන සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද, දේශපාලන පක්ෂ කීපයක් සමග එවැනි සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය, බොදුබල සේනා සංවිධානය සමගද සාකච්ඡා පවත්වා ඇතත් අවසන් තීරණයක් ගෙන නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පැවසීය.

හිටපු ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට මෙහිදී යෝජනා ඉදිරිපත් වී තිබේ.

ඒ සඳහා නව සන්ධානයක් බිහි කිරීමටද යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඇතැම් පාර්ශ්ව කටයුතු යොදා තිබූ බව එම ආරංචි මාර්ග පැවසී ය.

Rate this item
(1 Vote)