May 13, 2024

රාජ්‍ය ඇමතිවරයෙක් සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරු දෙපලක් සජිත් එක්ක සාකච්ඡාවක! සජිත්ගේ මතයක් කියයි

February 12, 2021

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙකු සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරු දෙදෙනෙකු අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඒ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට පැමිණ ඉන් පිටව යන අවස්ථාවේ ඔහු හමුවීමේ බලාපොරොත්තුවෙන් මෙම මැති ඇමැතිවරු බලා සිටි බව වාර්තා වේ.

එලෙස විපක්ෂ නායකවරයා පැමිණි පසු ඔහු හමුවී සාකච්ඡා කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සහ ආණ්ඩු පක්ෂයේ සාරතී දුෂ්මන්ත, ප්‍රේමනාත් සී.දොලවත්ත යන මන්ත්‍රීවරුන්ය.

විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ මම නායකයා වෙලා හිටියත් කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය අනුව කටයුතු කිරීම බවයි.

"වෛද්‍යවරුත් කියලා තියෙනවනම් භූමිදානය ගැටලුවක් නෑ කියලා එහෙනම් ගැටලුවක් නෑනේ" යනුවෙන් විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබේ.

ඊට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පෙන්වා දී ඇත්තේ භූමිදානය කළයුතුය යන්න මතයේ තමාද සිටින බවයි.

මෙම හමුව සිදුව ඇත්තේ ඊයේ(11) පාර්ලිමේන්තු සංකීර්ණය තුළයදීය.

Rate this item
(2 votes)