May 14, 2024

ප්‍රබල හිමිනමක් සජිත් හමුවී හදිසි සාකච්ඡාවක් කරලා - ලොකු පෙරළියකට වැඩ අරඹන්න සැලසුම් දියත් කරයි

February 08, 2021

පසුගිය 04 වැනිදා පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයට පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් වැඩම කර තිබේ.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමේ අරමුණිනි.

රටේ සිදුවන පාරිසරික විනාශය පිළිබඳව උන්වහන්සේ විපක්ෂ නායකවරයා සමඟ පැය කිහිපයක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

"ආණ්ඩුව පාරිසරික ඝාතනයක් කරනවා. මේ වාගේ විනාශයක් ඉතිහාසයේ කවදාවත් වෙලා නෑ" උන්වහන්සේ එහිදී ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මේ තත්වයට එරෙහිව පුළුල් වැඩපිළිවෙලක් දියත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබේ.

Rate this item
(5 votes)