May 04, 2024

රජයේ නිරෝධායන මධ්‍යස්ථාන අපායවල් වගේ - පෙරටුගාමි

February 05, 2021

රජය විසින් පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථාන අපායවල් වලට සමාන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

කොළඹ දී මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙන්නේ මේ හරහා ජනතාව මුදල් ගෙවන නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමේ මානසික මෙහෙයුමක් රජය විසින් ආරම්භ කර ඇති බවයි.

රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති කොරෝනා ආසාදිතයන්ට දිනකට රුපියල් 17,000 බැගින් ගෙවා හෝටල්වල නිරෝධායනය විය හැකි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලිඛිතව දැනුම් දී ඇති බවත් එය සිදු කරන්නේ ආණ්ඩුවේ හිතවාදී හෝටල් හිමියන්ට බිස්නස් එකක් ලබා දීමට ද ඔහු චෝදනා කළේය.

අද වන විට කොරෝනා මර්ධන වැඩසටහනක් පුරසාරම් වලින් පිරුණු එකක් පමණක් බවට පත්වී ඇතැයි ද ඔහු පැවසීය.

Rate this item
(2 votes)