May 13, 2024

රටේ බහුතරයක් බඩගින්නේ - ඒත් ආණ්ඩුවට ලොකුවෙලා තියෙන්නෙ ධනගින්නයි, බලගින්නයි - සජිත්

February 02, 2021

අද රටේ බහුතරයකගේ ප්‍රශ්නය වී ඇත්තේ බඩගින්න වන නමුත් ආණ්ඩුවට ලොකුවී ඇත්තේ ඔවුන්ගේ ධනගින්න සහ බලගින්න බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන අමතමිනි. 

ඒ අනුව ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය හකුළුවමින් තමන්ගේ බලය වැඩිකර ගැනීම කෙරෙහිත් රාජ්‍ය දේපළ විකුණාගනිමින් තමන්ගේ ධනය වැඩිකරගැනීම කෙරෙහිත් පමණක් අවධානය යොමු කරමින් සිටින බව ඒ මහතා සඳහන් කළේය. 

Rate this item
(0 votes)