වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
ඇයට රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් ඊයේ (31) පස්වරුවේ පිසිආර් පරීක්ෂණයක් සිදුකර තිබූ අතර එහි ප්‍රතිඵල අද (01) උදෑසන ලැබී තිබේ.
ඒ අනුව ඇය රෝහල් ගත කර ඇති අතර ඇයගේ අමාත්‍යාංශය ලේකම් කාර්යාලය වසා දමා තිබේ.
මේ අතර ජයවර්ධන මහත්මියට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ද අද දිනයේ පිසීආර් පරික්ෂණයක් කර ඇත.
එහි වාර්තාව අද පස්වරුවේ ලැබීමට නියමිතය.