May 09, 2024

නිදහස් දින උත්සවයට පෙර සජිත්ගෙන් දැඩි ප්‍රකාශයක් - යෝජනාව ඉමිතියාස්ගෙන්

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස නිදහස් දින උත්සවයට සහභාගී විය යුතුද නැද්ද යන්න පිළිබඳ සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ මත දෙකක් ඉදිරිපත් වී තිබේ.

ඉන් එක මතයක් වී තිබෙන්නේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාව සිරගත කිරීම මෙන්ම නැගෙනහිර ජැටිය විකිණීම, මර්දනය ආදියට විරෝධය දැක්වීම වස් නිදහස් දින උත්සවය වර්ජනය කළ යුතු බවටය.

එම යෝජනාව ගෙනවිත් තිබෙන්නේ දොස්තර රාජිත සේනාරත්න හා සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන්ය‍.

එහෙත් ඉමිටියාස් බාකීර් මාකර් මහතා ඊට ප්‍රතිවිරුද්ධ මතයක් දරමින් නිදහස් දිනය දිනා දුන්නේ එක්සත් ජාතික පක්ෂය බැවින් මෙන්ම සැබෑ නිදහස් දිනය ශ්‍රී ලංකාව ජනරජයක් වූ දිනය බවට කරන මතය පරාජය කිරීම වස් සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා ලෙස නිදහස් දින උත්සවයට සහභාගී යුතු බව ප්‍රකාශ කොට තිබේ.

එහෙත් ඊට පෙර රජයේ මර්දනකාරී වැඩ පිළිවෙළ පිළිබඳව මෙන්ම මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර සජිත් ප්‍රේමදාස මහතා නිදහස් දින උත්සවයට සහභාගි වීම වඩාත් උපක්‍රමශීලී ක්‍රමය බව ද ඉමිතියාස් බාකීර් මාකාර් මහතා පෙන්වා දී තිබේ.

එම යෝජනාවට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සියල්ලන්ම සහාය පළ කර ඇත.

Rate this item
(2 votes)
Last modified on Saturday, 30 January 2021 21:35