May 03, 2024

පැණි කාල 2500 සර් ගෙනත් දෙන්නද කියලා අහනවා - නලීන් බණ්ඩාර

පැණිය මිථ්‍යාවක් බොරුවක් බව තහවුරු වී තිබියදී ඇතැම් පුද්ගලයන් තවමත් පැණිය මිලදී ගැනීම සඳහා රැස්කමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමිනි.

නොමිලේ බෙදාදෙන බව පැවසූ ධනපාල පැණිය අද දහස් ගණන්වලට අලෙවි වන බවත්, 'කාල 2500 යි ගෙනත් දෙන්නද සර්' යැයි ඇතැම් පුද්ගලයන් තමන්ගෙන්ද විමසූ බවයි මන්ත්‍රීවරයා පවසයි.

රටේ වගකිවයුතු දේශපාලනඥයන්, ඇතැම් ජනමාධ්‍ය ආයතන පවා මිථ්‍යාව පතුරවා ජනතාව රැවටීමට කටයුතු කරමින් සිටින බවත්, පසුගිය කාලයේදී ‍සෞඛ්‍ය ඇමතිවරිය, කතානායකවරයා පවා පැණි ප්‍රමෝට් කිරීමේ කටයුතුවල නිරත වූ බවද ඔහු පෙන්වා දෙයි.

Rate this item
(0 votes)