May 06, 2024

මෛත්‍රී චන්ද්‍රිකාව මඟහරී - බණ්ඩාරනායක සැමරුම් උත්සවයට ආවේ චන්ද්‍රිකා පිටව ගිය පසුයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වැනි ජන්ම දින සංවත්සර සැමරුම් උත්සවය අද(08) පෙරවරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලූ මුවදොර බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පිළිරුව අබියසදී පැවැත්විණි.

පළමුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.

අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් පිරිසක් පැමිණ පුෂ්පෝපහාර දක්වා තිබේ.

Rate this item
(0 votes)