May 07, 2024

ඡන්දය ලබා දීම බදුල්ලේ 71.61% ක් - මොණරාගල 73% ක්

September 20, 2014

අද පස්වරුවේ නිමා වූ ඌව පළාත් ඡන්ද විමසීමේදී බදුල්ල දිස්ත්‍රික්කයේ සියයට 71.61 ක් ඡන්දය ලබා චී ඇත.මොණරාගල තේරීම්භාර නිලධාරී කාර්යාලය සඳහන් කළේ මොණරාගල ඡන්දය ප්‍රකාශ කිරීම 73%ක් බවය.{module LOLC}

මෙවර ඡන්දය භාවිත කිරිම සඳහා ඌව පළාතේ පුද්ගලයින් නව ලක්ෂ හතලිස් දෙදෙහස් හත්සීය තිස්දෙනෙක් සුදුසුකම් ලබා සිටියහ.ඌව පළාත් සභා මැතිවරණයට තරග කරන අපෙක්ෂකයින් සංඛ්‍යාව 617කි.

උදෑසන 7.00ට ආරම්භ කෙරුණු ඡන්ද විමසීම සමස්තයක් ලෙස සාමකාමීව පැවති බව මැතිවරණ මහලේකම් කාර්යාලය ප‍්‍රකාශ කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 21 September 2014 06:38