May 07, 2024

නිවසේ තනිව දරු ප්‍රසූතියකට ගිය මව සහ බිළිදා මිය යයි

September 20, 2014

තම නිවසේ මුළුතැන්ගෙය තුළදී බිළිදෙකු ප්‍රසූත කළ මවක් සහ එම බිළිදා මිය යැමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව කල්පිටිය පොලිසිය පවසයි.

මිය ගොස් ඇත්තේ 32 හැවිරිදි පුත්තලම මාම්පූරිය පදිංචිකාරියකි.

මේ සම්බන්ධයෙන් ස්වාමි පුරුෂයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු සඳහන් කර ඇත්තේ සිය බිරිදට දරුවෙකු ප්‍රසූත වීමට සිටි බව තමන් නොදැන සිටි බවයි.

මිය ගිය මව දරුවා තනිවම ප්‍රසූත කරන්නට උත්සහා කර තිබෙන අතර පාසැල් ගොස් නිවසට පැමිණි වැඩිමහල් දරුවා සිය මව බිම වැතිර සිටිනු දැක අසල් වැසියන් වෙත දැන්වීමෙන් පසු සිද්ධිය හෙළි වී තිබේ. ඒ වන විටත් මව සහ බිළිදා මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

කල්පිටිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

පුත්තලම - ජූඩ් සමන්ත

 

Rate this item
(0 votes)