May 07, 2024

කොළඹට අද රෑ වතුර නැහැ

September 20, 2014

කොළඹ  දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහියක අද රාත‍්‍රි 8 සිට පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවෙන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයසදහන් කරයි.

මේඅනුව මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, රාජගිරිය, නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිට පොල්දූව මංසන්ධිය දක්වාත් ආයුර්වේද මංසන්ධිය දක්වාත්ඊට සම්බන්ධ සියලුම අතුරු මාර්ගවලත් ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

කොටාපාර, කාසල්වීදිය, ලේක්ඩ‍්‍රයිව් යන ප‍්‍රදේශවල අඩුපීඩන තතත්වයක් යටතේ ජල සැපයුම සිදුවන බවටත් නිවේදනය කර ඇත.

කොළොන්නාව පොම්පාගාරයේ සිට ජලය ගෙනයන නළයක අලුත්වැඩියා කටයුත්තක් සිදුකිරීම මීට හේතුව බවයි මණ්ඩලය දැනුම් දෙන්නේ.

Rate this item
(0 votes)