May 07, 2024

බදුල්ලෙන් සියයට 30යි - මොණරාගලින් සියයට 40යි 

September 20, 2014

ඌව පළාත් සභා ඡන්ද විමසීම ආරම්භ වී මේ වන විට පැය 05 කට වැඩි කාලයක් ගත වී ඇති අතර අද පෙරවරු 11.00 වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ සියයට 30ක ප්‍රතිශතයක් ජන්දය භාවිත කර ඇති අතර මොණරාගල දිස්ත්‍රික්කයේ සියයට 40ක ප්‍රතිශතයක් ජන්දය භාවිත කර තිබේ.

ඡන්ද විමසීමේ කටයුතු අද (20) පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා පැවැත්වේ.

මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඡන්ද මධ්‍යස්ථාන 832 කදී ඡන්ද විමසීම සිදු කෙරෙන අතර ඡන්ද භාවිතය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව දස ලක්ෂ 31,820 කි. 

බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව හය ලක්ෂ 99,066 ක් වන අතර, මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ 32,764 ක් වේ.

Rate this item
(0 votes)