May 06, 2024

බණ්ඩාරවෙල නගරාධිපතිට පහරදුන් ඡායාරූප හා වීඩියෝ මෙන්න

උතුරු කැබිල්ලවෙලදී හා පොලිසියේ දී සන්ධාන මන්ත්‍රීවරයෙකුගේ පහර කෑමට ලක්වූ බව කියන බණ්ඩාරවෙල නගරාධිපති චමින්ද විජේසිරි මහතා දියතලාව රෝහලට ඇතුළත් කර පසුව බදුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙයි.

උතුරු කැබිල්ලවෙල ඡන්ද මධ්‍යස්ථානයක් අසලදී සන්ධාන මන්ත්‍රී හීන්කෙන්ද මහතාට බණ්ඩාරවෙල නගරාධිපතිවරයා පහරදී ඇත. පසුව බණ්ඩාරවෙල නගරාධිපතිවරයා පැමිණිල්ලක් කිරීමට බණ්ඩාරවෙල පොලීසියට ගොස් ඇති අතර එම ස්ථානයට සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පැමිණි තිබේ.

එම අවස්ථාවේදී නගරාධිපතිවරයාගේ පැමිණිල්ල සටහන් කර ගැනීමට පොලීසිය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා නගරාධිපතිවරයාට පහරදී ඇති බවත් ඉන් අනතුරුව නගරාධිපතිවරයා දියතලාව රෝහලටත්, හීන්කෙන්ද මන්ත්‍රීවරයා බණ්ඩාරවෙල රෝහලටත් ඇතුළත් වී ඇති බව වාර්තා වෙයි.

දියතලාව රෝහලට ඇතුළත් වූ බණ්ඩාරවෙල නගරාධිපති චමින්ද විජේසිරි මහතා පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

බණ්ඩාරවෙල නගරාධිපති චමින්ද විජේසිරි මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකි.

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක

Rate this item
(1 Vote)
Last modified on Saturday, 20 September 2014 15:04