May 06, 2024

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය මෛත්‍රීපාල සිරිසේන පිලිගනී

කොවිඩ් මෘතදේහවල අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය තමා පිළිගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (05) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.

"මම හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙක්. ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙන්නේ, ඒ පිළිවෙත තමයි වලදැමීම පිළිබඳව.. ඒ වගේම රටවල් රාශියක ඒ විදිහට කරනවා. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය තමයි මං පිළිගන්නේ," යනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Rate this item
(0 votes)