May 02, 2024

"පොහොට්ටුව ගිවිසුම් කඩකළා" දැඩි තීන්දුවකට ශ්‍රීලනිපය සූදානම්! සජිත් පිලත් එක්ක සාකච්ඡාවට පළමු පියවර තබයි

මැතිවරණවලට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඇති කරගත් ගිවිසුම් ඔවුන් විසින් කඩකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළකිරීමකින් පසුවන බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ජනතාව මුහුණ දෙන ගැටළුවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වන තීන්දු තීරණ ලබා නොගතහොත් දැඩි තීන්දු ගැනීමට පක්ෂයට සිදුවනු ඇති බව හෙතෙම සඳහන් කළේය.

මහනුවර ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේය. සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන් හා එක්වන ලෙසට කළ ඉල්ලීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු එහිදී ඔහුගෙන් ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු ලබාදුන් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියේ සමඟි ජන බලවේගයට අවශ්‍ය නම් පැමිණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා සිදුකිරීමට හැකියාව පවතින බවයි.

එමෙන්ම වෙනත් ඕනෑම පක්ෂයකට ද එම අවස්ථාව පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)