May 13, 2024

අයාලේ යන ආණ්ඩුවක අයාලේ යන ඇමතිවරයෙක් සමග මොන විවාද ද? - විපක්ෂ නායක

අයාලේ යන ආණ්ඩුවක ඇමතිවරයකු සමග විවාද කිරීමට තමා සූදානම් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

විපක්ෂ නායකවරයා මේ බැව් සඳහන් කළේ ගෙවුණු වසර සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලයේ සිදු කළ සාකච්ඡාවක් අතරතුර සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඔබතුමාට විවාදයකට එන්න කියලා බන්දුල ඇමතිතුමා අභියෝගයක් එල්ල කළා නේද යයි ගයන්ත කරුණාතිලක මහතා එහිදී විපක්ෂ නායකවරයා ගෙන් විමසීමක් කර තිබේ.

රුපියල් 2500කින් එක් පුද්ගලයෙකුට ජීවත් විය හැකි බවට ගුණවර්ධන අමාත්‍යවරයා කලකට පෙර කළ ප්‍රකාශයද එහිදී එක් මන්ත්‍රීවරයෙක් සාකච්ඡා සභාවට මතක් කර දී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 03 January 2021 13:30