May 06, 2024

සිරිසේන වැඩ අරඹයි - ජනතාව මුහුණ දෙන ගැටලු ගැන සොයන්න කමිටුවකුත් පත් කරයි

මීට ටික දිනකට පෙර ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී පක්ෂ නායක, හිටපු ජනපති, වර්තමාන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා ආන්ඩුවේ දුර්වලතා ඉස්මතු කොට තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කොවිඩ් වසංගතය, සේනා දළඹු වසංගතය, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම, සරසවි සිසුන් බඳවා ගැනීමේ අර්බුදය මෙන්ම විශේෂයෙන්ම රටේ ජනතාව මුහුණ දෙන ආර්ථික අර්බුදය පිළිබඳව හිටපු ජනපතිවරයාගේ අවධානය යොමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් සොයා බලා කඩිනමින් වාර්තාවක් සැකසීමට කමිටුවක්ද පත් කොට තිබේ.

වත්මන් රජයේ කිසිදු අමාත්‍ය ධූරයක් බාර නොගෙන මන්ත්‍රීවරයකු ලෙස පමණක් කටයුතු කරන සිරිසේන මහතා කල් යල් බලා ආණ්ඩුව සම්බන්ධයෙන් දේශපාලන තීන්දුවක් ගනු ඇති බවට බොහෝ දෙනා මත පල කරමින් සිටී.

විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ සංවර්ධන වැඩ කටයුතු වලදී පළාත් පාලන ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයින්ට අවස්ථාවක් ලබා නොදීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් ජනපතිවරයාව හා අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කොට තිබෙන බව ද ප්‍රකට කරුණකි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 02 January 2021 14:20