May 03, 2024

දයාසිරි සාකච්ඡාවට සූදානම්! බැසිලුත් පිළිතුරු දෙයි

2020 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු වූ අසාධාරණකම් පිළිබඳව ආණ්ඩුව සමඟ සාකච්ඡා කර ඒවා නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව එම පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය ‍වෙත අදහස් දක්වමිනි.

මේ පිළිබඳ අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, 

“අපි පිහිටවපු අපේ ආණ්ඩුවක් මේ ආණ්ඩුව. ඒ නිසා එයත් ආරක්ෂා කරගනිමින් ඉදිරියට යන්නේ කොහොම ද කියන අභියෝගය තමයි අපිට තියෙන්නේ. මේ සඳහා අපි සියලුදෙනාම වැඩකටයුතු කරනවා.“

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා, 

“අපේ පක්ෂයේ සියලුදෙනාටම ලොකු වගකීමක් තියෙනවා අපි ලබපු ජයග්‍රහණය ආරක්ෂා කිරීමට. මේක ගමේ තියෙන සමිතිවල ඉදලා ඉහළ අපි සියලුදෙනාටම පැවරුණ වගකීමක්. අපි ආරම්භයේ ඉදලා සාමුහිකව ඔක්කෝම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉදලා පහළම සාමාජිකයා දක්වා මේ හැම වගකීමක්ම දැරුවා. අපි ජයග්‍රහණය හා වගකීම වෙනුවෙන් කැපවෙන්න ඕනේ. ඒකට ඔබේ ශක්තිය දෙන්න. අපිට ඕන වුණේ මේ රටේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිහිටවා ගන්න. ආණ්ඩුවක් පිහිටවෙව්වා තුනෙන් දෙකක් එකක්. නමුත් මොන ඡන්දේ අපි සුදානම් තරග කරලා මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න.“

Rate this item
(0 votes)