May 02, 2024

ශ්‍රීලනිප රැස්වීමෙන් පසු දයාසිරිගෙන් හා අමරවීරගෙන් පරස්පර ප්‍රකාශ

December 31, 2020

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන තෙක් පසුගිය පළාත් සභා යළි සක්‍රීය කරන ලෙස රජයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව සිය පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (30) පැවති අතර එම රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

විශේෂයෙන් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ වී ඇති අතර පසුගිය පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට මැතිවරණය පවත්වන තෙක් යළි එම තනතුරුවල කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස රජයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට එහිදී තීරණය වී ඇත.

මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට වෙත අදහස් දැක්වු දයාසිරි ජයසේකර මහතා පැවසූවේ 

“ඇත්ත වශයෙන්ම පළාත් සභා දැන් තියෙනවා. පළාත් සභාව නැතුව නෙමෙයි. පළාත් සභාවේ ජනතා නියෝජනය නෑ. අද පළාත් සභාව ක්‍රියාත්මක වෙන්නේ නිලධාරීන් අතින්. ඒ නිසා අපි යෝජනාවක් විදියට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා රජයට පසුගිය පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් නැවත සක්‍රීය කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේ මැතිවරණය හැකිළීම තුළ වෙලා තියෙන්නේ අවුරුදු ගානක් පළාත් සභාව තුළ ජනතා නියෝජනයක් නැති තත්ත්වයකට මේක පත්වෙලා. ඇත්ත වශයෙන් අද ගත්තොත් අධ්‍යාපනයේ අතිබහුතරයක් පාසල් තියෙන්නේ පළාත් සභාවේ. සෞඛ්‍ය අංශය තියෙන්නේ අතිබහුතරයක් පළාත් සභා යටතේ සෞඛ්‍ය අමාත්‍යවරු හිටියා නම් පළාත් සභාවේ මේ කොවිඩ් තත්ත්වය මීට වඩා සමනය කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රමය පවත්වාගෙන යා යුතුයි. එම ක්‍රමය පවත්වාගෙන යනවා වගේම ජනතා නියෝජිතයින් පළාත් සභා ඇතුළේ සක්‍රීය කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. ඒ නිසා මේ වැඩපිළිවෙල ආණ්ඩුව සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.“

කෙසේවෙතත් මධ්‍යම කාරක සභාවට එක්වු අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, පළාත් සභා සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් මෙහිදී සිදුනොවු බවය.

“අපි පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡා කළේ නෑ. මොකද පක්ෂ නායකයින්ගේ රැස්වීමේ දී පළාත් සභා මැතිවරණය මේ මොහොතේ නොතියන්න තමයි තීන්දු කළේ. තියෙන කොවිඩ් තත්ත්වයත් ඒ වගේම පක්ෂය විදියට අපි දන්වලා තිබුණු මතයක් තිබුණා. ඒ තමයි නව ඡන්ද ක්‍රමයක්. මනාප නැති ඡන්ද ක්‍රමයක්. ඒ පිළිබඳවත් සාකච්ඡා කරලා තමයි කටයුතු කරන්න තීන්දු කළේ. “

Rate this item
(0 votes)

Related items