May 10, 2024

ශී‍්‍රලනිපය ආණ්ඩුවට එරෙහි කුමන්ත‍්‍රණයක - තීරණාත්මක මොහොතක ආණ්ඩු පෙරළියකට සැලසුමක්

December 27, 2020
තීරණාත්මක අවස්ථාවකදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය 2015 වසරේදී් මෙන් ආණ්ඩුවට එරෙහිව කටයුතු කරනු ඇත්දැයි තමන්ට සැක මතුවන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි
කහටගස්දිගිලිය රන්පත්විල හන්දියේ සිට කටුකැලියාව ඇතුළු ගම්මාන කිහිපයකට ප‍්‍රවේශ වන මාර්ගය කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් ප‍්‍රදේශවාසීන් පිිරිසක් පෙරේදා රන්පත්විල හන්දිය ප‍්‍රදේශයේ විරෝධතාවක නිරත වූ අතර 
අදාළ මාර්ගය ප‍්‍රතිසංස්කරණය කිරීමට සියළු කටයුතු සූදානම් කර තිබියදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ති‍්‍රක්කය නියෝජනය කරන දේශපාලඥයෙකු විසින් එම විරෝධතාව මෙහෙයවා ඇති බවට අනුරාධපුරයේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුළ සිටම ආණ්ඩුව විරුද්ධව කුමන්ත්‍රණයක් කරන ආකාරයක් හැඟී යන බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් මෑතකදී සිදුකරන ප්‍රකාශයද එවන්න සේ සැලකිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
දැනට ආණ්ඩුව තුල සිටිමින් තීරණාත්මක මොහොතක සිය කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කිරීමට මෙම පිරිස් බලා සිටිනවා විය හැකි යයිද ඔහු පැවසීය.

කෙසේ නමුත් එවන් කුමන්ත්‍රණකරුවන්ට මෙම ආණ්ඩුව බිඳ දැමීමට ඉඩ නොදෙන බව ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(1 Vote)