May 13, 2024

පැණියෙන් ලෙඩේ හොඳ කරන්න පුළුවන් නම් එන්නත ගන්න ණය ඉල්ලන්නේ මොකටද?

December 25, 2020

කොවිඩ් 19 වෛරසය සුවකළ හැකි හෙළ ඔසුවක් හඳුන්වා දෙමින් ලොවම මවිත කළ බවට උදම් ඇනූ ආණ්ඩුව දැන් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත මිලදී ගැනීමට අවශ්‍ය අරමුදල් සොයා ගැනීම සඳහා ලෝකය වටේ හිඟමනේ යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අවශ්‍ය මොහොත් අවශ්‍ය තීන්දු ගැනීමට අසමත්වීමේ ප්‍රතිඵල දැන් රටම අත්විඳිමින් සිටින බවත්, කොවිඩ් වසංගතය හමුවේ ආණ්ඩු අසමත් බව ඔවුන් විසින්ම අද පිළිගෙන ඇති බවත් විපක්ෂ නායකයාවරයා සඳහන් කරයි.

කොවිඩ් එන්නත ගෙන්වා ගැනීමට පෙර ආණ්ඩුවට එන්නත් කිහිපයක් ලබාදීමට සිදුව ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

ජනතා දුක දැනෙන එන්නතක් මෙන්ම ගැසට් මේනියාව සුවකළ හැකි එන්නතක්ද ආණ්ඩුවට ලබාදිය යුතු බව ඔහු පවසයි.

බඩු මිල අඩු කිරීම සඳහා ආණ්ඩුව නිකුත් කරන සෑම ගැසට් පත්‍රයකින්ම සිදුව ඇත්තේ අදාල භාණ්ඩයේ මිල පහළ යාම නොව ඉහළ යාම බවයි විපක්ෂ නායකයාවරයා පවසයි.

Rate this item
(0 votes)