May 05, 2024

“පවුල් ලක්ෂයක සමෘද්ධිය කපන්න මට බාර දෙන්න..මට කියන්න බය නෑ“ ඇමැති දුමින්ද ජනපතිටත් දන්වයි

December 18, 2020

සමෘද්ධි සහනාධාරය දැනට ලබා දෙන පවුල් ලක්ෂයකින් එම සහනාධාරය ඉවත් කිරීමට හැකි වනු ඇතැයි සූර්ය බල, සූළං හා ජල විදුලි ජනන සංවර්ධන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

දුප්පත් පවුල් ලක්ෂයක ආදායම වර්ධනය කිරීම සදහා මේ වන විටත් පියවර ගනිමින් සිටින බව ඔහු කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගුවන් විදුලි නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.

රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීමේ කාලය දැන් උදා වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 “මං එලිපිට කියන දෙයක් තමයි. දුප්පත් පවුල් ලක්ෂයක් මට බාර දෙන්න ඒ ලක්ෂයේ සමෘද්ධිය කපන්න“ යැයි හෙතෙම සඳහන් කළේය.

Rate this item
(2 votes)

Related items