May 18, 2024

"ලන්සාට පිස්සු හැදිලා - බැදලා දාන්න" - විපක්ෂය කතානායකගෙන් ඉල්ලයි

December 05, 2020

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව  මැල්කම් රංජිත් හිමිපාණන් ‍ප්‍රකාශ කර තිබෙන බව සමගි ජන බලවේගය මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා වරාය, නාවික හා සංචාරක වැය ශීර්ෂ විවාදය අතරතුර ප්‍රකාශ කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය.

එනිසා  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ වෙනත් කණ්ඩායමකට භාරදීමට සිදුවන බවට කාදිනල් හිමිපාණන් කර තිබෙන ප්‍රකාශය ද මන්ත්‍රීවරයා සභාවට ඉදිරිපත් කරන ලදී.

බලය ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය මුල්කොටගෙන කළ ප්‍රකාශ දැන් ක්‍රියාත්මක කරන ලෙසද  මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලීමක් කරන ලදි.

ඒ අවස්ථාවේ ඊට  නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා දැඩි විරෝධයක් පළ කෙරෙමින් කෑගැසීම නිසා "මේකා බැද දමන්න. බල්ලෙක් වගේ කෑ ගසනවා." යැයි නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 December 2020 11:58