May 05, 2024

"සමහරුන්ට යම් යම් කලකිරීම් ඇති" - ඇමැති දුමින්ද ඉදිරි අවුරුදු පහේදී වෙන දේ ගැනත් කියයි

December 03, 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වී අවුරුද්දක් ගත වී ඇති බවත් අපි බලාපොරොත්තු වූ සංවර්ධනයක් සිදු නොකරන බව කියා ඇතැම් පිරිස් කලකිරීමෙන් සිටින බවත් සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අනුරාධපුර රාජාංගණය යාය 16 ප්‍ර දේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

"අපි බලය ගත්තේ අවුරුදු පහක් ඇතුළත මේ රට සංවර්ධනය කරන්නයි. එනිසා මේ ආණ්ඩුව නියමිත අවුරුදු පහ අවසන් වනවිට අපි බලාපොරොත්තු නොවූ තරමේ දැවැන්ත සංවර්ධනයක් මේ රටේ සිදුවෙිවි. දැන් දේශපාලන මත ගැටුම් වැඩක් නෑ. ආයෙ ඡන්දයක් ආවම පක්ෂවලට බෙදෙන්න පුළුවන්" යැයි ඔහු සඳහන් කළේය.

ලබන වසරේ නොවැම්බර් මාසය වනවිට රටේ සියලුම නිවාසවලට විදුලිය ලබාදී අවසන් කරන බවත් විදුලිය ලබා ගැනීමට මුදල් නොමැති අයටද විදුලිය ලබා දීමට සැලසුම් කර ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(2 votes)

Related items