May 06, 2024

මෛත්‍රීගේ සිහිනයක් සැබෑ වෙයි - ආණ්ඩුවේ අනුමැතියත් දීලා

December 03, 2020

පොළොන්නරුව පරිපාලන සංකීර්ණය ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ඉදි කිරීම් කටයුතු සිදු කර ඇති මෙම ගොඩනැගිල්ල සඳහා මේ වන විට රුපියල් මිලියන 1,018ක් වැය කර ඇති අතර, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන 19ක් සඳහා එම ගොඩනැගිල්ලේ ඉඩ පහසුකම් ලබා දීමට සැලසුම් කර ඇත.

එහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා තවදුරටත් වායු සමීකරණ පද්ධතිය සවි කිරීම, විදුලි ජනන යන්ත්‍ර ස්ථාපිත කිරීම, ශ්‍රවණාගාරයේ ඉතිරි වැඩ නිම කිරීම හා භූමි අලංකරණ කටයුතු සිදු කළ යුතු අතර, ඒ සඳහා රුපියල් මිලියන 265ක් ඇස්තමේන්තු කර ඇත.

ඒ අනුව, එකී ගොඩනැගිල්ලේ වැඩ අවසන් කිරීම සඳහා නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වෙත අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

පොළොන්නරුව දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය සඳහා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොළොන්නරුව දිස්ත්‍රික් පරිපාලන සංකීර්ණ පරිශ්‍රයේදී වැඩ ආරම්භ කළේය.

ඒ් අනුව එවකට යහපාලන රජය විසින් පොළොන්නරුව දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 15,000 ක් රජය වෙන් කර තිබුණද එහි වැඩ අවසන් කිරීමට නොහැකි වී ඇති අතර වත්මන් රජය පත්වීමෙන් අනතුරුව නැවතත් ඉතිරි වැඩ අවසන් කිරීමට මුදල් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

‘පිබිදෙන පොළොන්නරුව' ව්‍යාපෘතිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලය සිටි සමයේ ක්‍රියාත්මක කළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියකි. සිය ගමට සංවර්ධනය ගෙන ගිය එම දැවැන්ත ව්‍යාපෘතිය හිටපු ජනාධිපතිවරයාගේ සිහිනයක් සැබෑ කරලීමක් බව වාර්තා වේ. 

රට ඉදි වූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද - කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය ගැනද අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ප්‍රකාාශ කර තිබුණේ රජරට ජනතාව වෙනුවෙන් තමා දුටු දීර්ඝකාලීන සිහිනයක් බවයි.

Rate this item
(2 votes)