May 18, 2024

රනිල් මේ දවස් වල ෆුල් ජොලියේ - මන්ත්‍රීකම ගත්තොත් ඒ ෆන් එකත් කැඩෙනවා

December 02, 2020

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල වගකීමෙන් තොර ඉතා නිදහස් ජීවිතයක් ගත කරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ නායකයා හමුවීමට කොළඹ 5 වන පටුමගේ පිහිටි ඔහුගේ නිවසට ගිය ජේෂ්ඨයන් පිරිසක් හමුවේ වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට තිබෙන්නේ තමා ජිවිතේ කිසිදිනෙක නොවූ අයුරින් වගකීමෙන් තොර නිදහස් ජීවිතයක් මේ දිනවල ගත කරන බව ය.

එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමිව තිබෙන මන්ත්‍රී ධුරය භාරගන්නා ලෙස පක්ෂයේ ජේෂ්ඨයන් විසින් යළිත් වතාවක් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙන්නේ එම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය භාරගැනීමෙන් තමා අද ගෙවන වගකීමෙන් තොර නිදහස් ජීවිතයට බාධා එල්ලවන බව ය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 December 2020 10:57