May 01, 2024

"දළදා මාලිගාව ඉස්සරහා රේස් පැද්ද කෙනා ලයිට් දාලා රෑ එළිවෙනකම් ක්‍රිකට් ගහනවා" (VIDEO)

November 27, 2020

රාත්‍රියට ලයිට් දමාගෙන සිදු කරන LPL වැනි තරඟාවලියන්ගෙන් සතුටු වීමට තරම් මානසිකත්වයක් ජනතාවට නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

ගොවීන්ට අද අස්වැන්න නෙලා ගෙන විකුණා ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත් විදෙස් ක්‍රිඩකයින් වෙනුවෙන් වැයකල මුදල්වලින් අසරණ පවුල් නඩත්තු කිරීමට තමන් ඉල්ලීමක් සිදු කරන බවත් සඳහන් කරයි.

පපුවේ තෙතමනයක් නැති තමන්ට බලය දුන්න තමන්ට ජනතාව දුන් වගකීම පැහැර හැර ඇති බවටද චෝදනා කරයි.

රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.

Rate this item
(0 votes)