May 04, 2024

“උතුරේ නැගෙනහිරේ ත්‍රස්තවාදීන් කියලා මම නම් පිළිගන්නේ නෑ“ - උතුරේ සැමරුම් ගැන මනෝ ගනේෂන් කියයි

November 27, 2020

උතුරු නැගෙනහිර මියගිය සැමරීම පිළිබද ප්‍රශ්නයක් ඇතිව තිබෙන බවත් ඒ පිළිබඳ තමාගේ මතය අද ප්‍රකාශ කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ (27) පාර්ලිමේන්තුවේ පැවැති අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනි.

යුද්ධයෙන් මියගිය අය සැමරීම කියන්නේ කොටි සංවිධානයේ නම කියාගෙන ප්‍රතිපත්ති කතා කරගෙන සැමරීම නොවන බවත් එයි සිදු නොකල යුතු බවත් කොටි සංවිධානය අද තහනම් සංවිධානයක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“යුද්ධයෙන් මියගිය අය සැමරීමට ලෝකෙ හැමතැනම අවස්ථාව තියෙනවා. ඒ අය සටන් කරපු අය වෙන්න පුළුවන්. සාමාන්‍ය ජනතාව වෙන්න පුළුවන්. එය සැමරීමට අවස්ථාව තියෙනවා. දකුණේ 71 89 කැරලි තිබුණා. හමුදාවට පොලීසියට විරුද්ධව යුද්ධ කළා. මරා දැම්මා. වුණානේ නෑ කියලා කියන්න පුළුවන්ද. ඒවා කැරලි කියන්න පුළුවන් උතුරේ නැගෙනහිර ත්‍රස්තවාදී කියලා කියන්න පුළුවන්. ත්‍රස්තවාදී කියලා කියන්නේ නීත්‍යානුකූලව පත්වුණ ආණ්ඩුවට විරුද්ධව අවි අතට ගත්තනම් ත්‍රස්තවාදීන් තමයි. අවි අතට ගත්තානම් ඔක්කොම එකයි. උතුරේ නැගෙනහිර ත්‍රස්තවාදී කියලා මම නම් පිළිගන්නේ නෑ. උතුරු නැගෙනහිර යුද්ධයෙන් මියගිය අය සැමරීමට සෑම කෙනාටම අයිතියක් තිබිය යුතුයි. උතුර දකුණ වෙනස්කම් කරන්න එපා. 89, 71 මියගිය අය සමරනවානම් ඒ අයිතිය ඇයි උතුරේ අයට දෙන්න බැරි“ යනුවෙන් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Rate this item
(0 votes)

Related items