සමාජ මාධ්‍ය ජාලාවල මේ වන විට සංසරණය වෙමින් පවතින රාජ්‍ය ආයතනයක නිලධාරියකු විසින් එම ආයතනයේම සේවිකාවකට පහරදෙන වීඩියෝ පටයට සම්බන්ධ ඉංජිනේරුවරයා තමාගේ ගෝලයෙකු හෝ හිතවතෙකු නොවන බවට සටහනක් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සිය මුහුණු පොතේ තබා තිබේ.
තමාගේ ගමේ පිහිටි පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ ඉංජිනේරුවරයා තමාගේ හිතවතෙකු බවට විපක්ෂය විසින් ප්‍රචාරයක් ගෙන යනු ලබන්නේ තමා සහ ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමට බව ද රණතුංග මහතා සිය මුහුණු පොතේ සටහනේ වැඩිදුරටත් සඳහන් කොට තිබේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ඉංජිනේරුවරයාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමා එම ආයතනය අයත් වන බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට තම දැනුම් දුන් බවද බව ද සිය මුහුණු පොතේ රණතුංග මහතා දක්වා තිබේ.