May 06, 2024

අර ගවුම් ඇඳලා සින්දු කියන මිනිහා කතානායකගේ නම දාලා ලියුම් ගහනවා Featured

November 23, 2020

"අර ගවුම් ඇඳන් සින්දු කියන මෑන් කෙනෙක් ඉන්නේ. ගෑනුද පිරිමිද දන්නේ නැහැ. එකා මොකෙක්ද කියලා. රන්ජන් රාමනායකට විරුද්ධව ලියුමක් ෆේස්බුක් එකට දාලා තියෙනවා. ඔබතුමාගේ (කතානායකවරයාගේ) නම දාලා." ඒක ඔබතුමාට ලැබුනා දැයි සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා කතානායකවරාගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලදී.

"ඒ ලියුම දාලා තියෙන්නේ ඔබතුමාගේ නම දාලා. ඔබතුමාටත් අභියෝග කරලා ඔබතුමාගේ නම දාලා. අර වල් සින්දු කියන එකා. වික්ටර් රත්නායකගේ නම කාපු මිනිහා." යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී. 

"ඒ නිසා මේ සභාවේ ගෞරවය රැක ගන්නා ලෙස මම ඔබෙන් ආයාචනා කරනවා." යැයිද හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන ලදී.

ඔහු මේ අදහස් පළ කළේ අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවට එක්වෙමිණි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 23 November 2020 13:12

Related items